ඉකුත් 20 වෙනිදා රාත‍්‍රියේ කොළඹ ප‍්‍රදේ්ශයේ විදුලිය හදිසියේම විසංධි වූ බවට කළුකුමාරයට ආරංචියක් ආව. ඉතින් ටිකක් සොයල බලනවිට දැනගන්න ලැබුනෙ ආරක්ෂක හේතූන් මත එලෙස විදුලිය විසංධි කල බවයි. මොකද්ද මේ හේතුව ??? කවුරුත් නොසිතූ විරූ අවස්ථාවක කොටි ත‍්‍රස්තයින්ගේ සැහැල්ලූ ගුවන් යානා දෙකක් කොළඹට පැමිණීමයි. එක් ගුවන් යානයක් කොළඹ පිහිටි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගැටුනු බව සුළු මොහොතකට පසු ආරංචි විය. ආරක්ෂක හමුදාව එල්ල කල ප‍්‍රහාර හමුවේ කුරුම්බැට්ටි යානා වල අරමුණු ඉෂ්ඨ කර ගැනීමට නොහැකිවිය. එ් මොහොතේ රාජකාරියේ් නිරතව සිටි සියලූම රණවිරුවන්ට කළුකුමාරයා ප‍්‍රණාමය පුදකරනවා. බැරිවී හෝ යානාවලට හානි කරගතනොහැකි වුනානම් තත්වය බරපතල වීමට ඉඩතිබුනි. අනෙක් යානාව කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී බිම හෙලන්නට සමත්වූවේ ජාතියේ වාසනාවටය.
ඇසිය යුතු ප‍්‍රශ්නයක් ඇත. කොටින් වර්ග කි.මී 100 ටත් අඩු ප‍්‍රමාණයකට කොටුවී ඇතිනම් ගුවන්යානා පැමිණියේ කොයින්ද?? තාමත් කොටින්ගේ රහසිගත ස්ථාන තිබේද??
කොටින් පවසන අන්දමට ප‍්‍රහාරය සාර්ඨකයිලූ. ලැජ්ජාව වහගන්න මොනදේවල් නොකියයිද. නිවට නායකයාගේ අවසාන ඉරණම තව කිහිපදිනකින් විසඳෙන බවට කළුකුමාරයා විශ්වාසය පළකරනවා.
-කළුකුමාරයා-
February 22, 2009
February 20, 2009
SLT නව අන්තර්ජාල සේවා ගාස්තු
ටෙලිලොම් ආයතනය අන්තර්ජාල සේවා සඳහා ගාස්තු අඩුකරලලූ. එ්කත් හොඳයි. රටේ අනිකුත් සේවා එක්ක බලනකොට අනිත් අයට SLT එක්ක හැරෙන්නවත් බෑ. ඩයලොග් බ්‍රෝඞ්බෑන්ඞ් වල High Bandwidth කිව්වට සමහර පැතිවල ගන්නම දෙයක් නෑ කියල කළුකුමාරයට අරංචියි. අනික එ්කෙ භාවිතා කරන්නේ shared media නිසා ග‍්‍රාහකයින් වැඩිවනවිට වේගය අඩුවෙනවා. SLT Broadband ග‍්‍රාහකයින්ට වෙනම Lines තිබීම නිසා වේගය එ්කාකාරයි. ( දුර සමග වෙනස්වේ ). මෙන්න ටෙලිකොම් ආයතනය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද නව අන්තර්ජාල ගාස්තු .....
http://www.slt.lk/data/forbusiness/115adsl.htm
http://www.slt.lk/data/forbusiness/115adsl.htm
February 11, 2009
මැතිවරණය
”තොප්පිගල කියන්නෙ විශාල කැලයක්” මීට මාස ගණනකට පෙර මෙම වචන කණ්ඩය කොපමන අසන්නට ලැබෙන්න ඇතිද? දිවි හිමියෙන් යුධ වදින වීරෝධාර රණවිරුවන්ගෙ චිත්ත ධෛර්ය්‍ය බිඳීමට අපේ රටේ සිටින සිංහල යැයි කියාගන්නා ඇතැම් පිරිසක් උත්සාහගත් බව තාමත් මතක ඇති. මේ දවස්වල වෙන්නෙ එ්කෙ අනිත් පැත්ත. දැන් යුද්ධය හොඳයිලූ. කොහොමත් සිංහල ජාතිය දිනන පැත්ත හෝයියානෙ. අනේ අම්මපල්ල මුන් කලිසම් එහෙමත් ඇඳගෙනනෙ මේව කියන්නෙ. ඉහත ප‍්‍රකාශය පැවසූයේ ප‍්‍රකට දේශාපාලකයකු වන රනිල් වික‍්‍රමසිංහ මහතායි. ( නම්බු ඇතුව කතා කරමු ) මෑත ඉතිහාසයේ ලෝක වාර්ථාවක් තබමින් පරාජයන් 17 ලබමින් නොසැලී සිටින එකම දේශපාලකයා කිව්වොත් නිවැරදි. ඔන්න එතුමා 18 වෙනි එකටත් ලෑස්තිවෙනවලූ. කලූකුමාරයට ඉතින් හිනා. බැරිනම් පැත්තකට වෙලා ඉන්න ඕනේ. අපේ ජනාධිපතිතුමා ගෙනියන සාම වැඩපිළිවෙලට ගොඩක් ජනතා ප‍්‍රසාදය ලැබෙනව කියල කලූකුමාරයට අරංචියි. අනේ හොඳයි අවුරුදු 25 විතර තිබුනු මේ කාලකන්නි යුද්ධය ඉවර වෙනවනං. බලමු ජනතා ප‍්‍රසාදය 13 වෙනිදට. පොඩි දුකකුත් එනවා සීනුව ගැන අනේ කොහොම හිටපු මිනිස්සුද. දැන් නිකන් කෝච්චියට අහුවුන බාල්දිය වගෙ ආතක් පාතක් නැතුව ඉන්නව. හැමෝගෙම හොඳකාලෙ නෑ වගේ. ඔන්න විමල් වීරවංශ මහත්තයටනං සරුයිලූ. කලූකුමාරයට දේශපාලනය අරහං එ්ත් මේව වෙනකොට කට පියාගෙන ඉන්නත් අමාරුයිනෙ.
-කළුකුමාරයා-
-කළුකුමාරයා-
Subscribe to:
Posts (Atom)