February 22, 2009

ප‍්‍රහාරය (2009-02-20)

ඉකුත් 20 වෙනිදා රාත‍්‍රියේ කොළඹ ප‍්‍රදේ්ශයේ විදුලිය හදිසියේම විසංධි වූ බවට කළුකුමාරයට ආරංචියක් ආව. ඉතින් ටිකක් සොයල බලනවිට දැනගන්න ලැබුනෙ ආරක්ෂක හේතූන් මත එලෙස විදුලිය විසංධි කල බවයි. මොකද්ද මේ හේතුව ??? කවුරුත් නොසිතූ විරූ අවස්ථාවක කොටි ත‍්‍රස්තයින්ගේ සැහැල්ලූ ගුවන් යානා දෙකක් කොළඹට පැමිණීමයි. එක් ගුවන් යානයක් කොළඹ පිහිටි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගැටුනු බව සුළු මොහොතකට පසු ආරංචි විය. ආරක්ෂක හමුදාව එල්ල කල ප‍්‍රහාර හමුවේ කුරුම්බැට්ටි යානා වල අරමුණු ඉෂ්ඨ කර ගැනීමට නොහැකිවිය. එ් මොහොතේ රාජකාරියේ් නිරතව සිටි සියලූම රණවිරුවන්ට කළුකුමාරයා ප‍්‍රණාමය පුදකරනවා. බැරිවී හෝ යානාවලට හානි කරගතනොහැකි වුනානම් තත්වය බරපතල වීමට ඉඩතිබුනි. අනෙක් යානාව කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී බිම හෙලන්නට සමත්වූවේ ජාතියේ වාසනාවටය.

ඇසිය යුතු ප‍්‍රශ්නයක් ඇත. කොටින් වර්ග කි.මී 100 ටත් අඩු ප‍්‍රමාණයකට කොටුවී ඇතිනම් ගුවන්යානා පැමිණියේ කොයින්ද?? තාමත් කොටින්ගේ රහසිගත ස්ථාන තිබේද??

කොටින් පවසන අන්දමට ප‍්‍රහාරය සාර්ඨකයිලූ. ලැජ්ජාව වහගන්න මොනදේවල් නොකියයිද. නිවට නායකයාගේ අවසාන ඉරණම තව කිහිපදිනකින් විසඳෙන බවට කළුකුමාරයා විශ්වාසය පළකරනවා.

-කළුකුමාරයා-

February 20, 2009

SLT නව අන්තර්ජාල සේවා ගාස්තු

ටෙලිලොම් ආයතනය අන්තර්ජාල සේවා සඳහා ගාස්තු අඩුකරලලූ. එ්කත් හොඳයි. රටේ අනිකුත් සේවා එක්ක බලනකොට අනිත් අයට SLT එක්ක හැරෙන්නවත් බෑ. ඩයලොග් බ්‍රෝඞ්බෑන්ඞ් වල High Bandwidth කිව්වට සමහර පැතිවල ගන්නම දෙයක් නෑ කියල කළුකුමාරයට අරංචියි. අනික එ්කෙ භාවිතා කරන්නේ shared media නිසා ග‍්‍රාහකයින් වැඩිවනවිට වේගය අඩුවෙනවා. SLT Broadband ග‍්‍රාහකයින්ට වෙනම Lines තිබීම නිසා වේගය එ්කාකාරයි. ( දුර සමග වෙනස්වේ ). මෙන්න ටෙලිකොම් ආයතනය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද නව අන්තර්ජාල ගාස්තු .....

http://www.slt.lk/data/forbusiness/115adsl.htm

February 11, 2009

මැතිවරණය

”තොප්පිගල කියන්නෙ විශාල කැලයක්” මීට මාස ගණනකට පෙර මෙම වචන කණ්ඩය කොපමන අසන්නට ලැබෙන්න ඇතිද? දිවි හිමියෙන් යුධ වදින වීරෝධාර රණවිරුවන්ගෙ චිත්ත ධෛර්ය්‍ය බිඳීමට අපේ රටේ සිටින සිංහල යැයි කියාගන්නා ඇතැම් පිරිසක් උත්සාහගත් බව තාමත් මතක ඇති. මේ දවස්වල වෙන්නෙ එ්කෙ අනිත් පැත්ත. දැන් යුද්ධය හොඳයිලූ. කොහොමත් සිංහල ජාතිය දිනන පැත්ත හෝයියානෙ. අනේ අම්මපල්ල මුන් කලිසම් එහෙමත් ඇඳගෙනනෙ මේව කියන්නෙ. ඉහත ප‍්‍රකාශය පැවසූයේ ප‍්‍රකට දේශාපාලකයකු වන රනිල් වික‍්‍රමසිංහ මහතායි. ( නම්බු ඇතුව කතා කරමු ) මෑත ඉතිහාසයේ ලෝක වාර්ථාවක් තබමින් පරාජයන් 17 ලබමින් නොසැලී සිටින එකම දේශපාලකයා කිව්වොත් නිවැරදි. ඔන්න එතුමා 18 වෙනි එකටත් ලෑස්තිවෙනවලූ. කලූකුමාරයට ඉතින් හිනා. බැරිනම් පැත්තකට වෙලා ඉන්න ඕනේ. අපේ ජනාධිපතිතුමා ගෙනියන සාම වැඩපිළිවෙලට ගොඩක් ජනතා ප‍්‍රසාදය ලැබෙනව කියල කලූකුමාරයට අරංචියි. අනේ හොඳයි අවුරුදු 25 විතර තිබුනු මේ කාලකන්නි යුද්ධය ඉවර වෙනවනං. බලමු ජනතා ප‍්‍රසාදය 13 වෙනිදට. පොඩි දුකකුත් එනවා සීනුව ගැන අනේ කොහොම හිටපු මිනිස්සුද. දැන් නිකන් කෝච්චියට අහුවුන බාල්දිය වගෙ ආතක් පාතක් නැතුව ඉන්නව. හැමෝගෙම හොඳකාලෙ නෑ වගේ. ඔන්න විමල් වීරවංශ මහත්තයටනං සරුයිලූ. කලූකුමාරයට දේශපාලනය අරහං එ්ත් මේව වෙනකොට කට පියාගෙන ඉන්නත් අමාරුයිනෙ.

-කළුකුමාරයා-

February 8, 2009

මාරුවීම

ක‍්‍රිකට් උන්මාදය රටම වෙලාගෙන ජනප‍්‍රියම තරුව කුමාර සංගක්කාර විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ. අරකට මාරු වුනා මේකට මාරුවුන කියල එක එක විදියෙ ඊ මේල් පණිවුඩත් ආව. අපේ මිනිස්සුන්ටත් අනුන්ගෙ මගුල්මනෙ ඕනෙකරන්නේ සංග මොකේට මාරුවුනත් අපිට පාන්ද. සමහර මිනිස්සු උදේ වැඩට යන ගමනුත් කතාව ”මචං මරු මේල් එකක් ආව සංගගෙ” ඔන්න ඔහොමයි එ් දවස්වල වැඩ. හැබැයි ඉතින් පුංචි පහේ පොඩි නෝන්ඩියකුත් දාන්න වෙනව හැබෑට සංග ඩයලොග් ටී ෂර්ට් එකක් ඇඳගෙන මොකද ?? මැච් එක බලන ගොඩක් අයගෙ හාස්‍ය වුනේ අපේ ජනප‍්‍රිය තරුව ගැනනෙ. බලාගෙන යනකොට එ්කත් මෑන්ස්ගෙ සිම්පල් ප්ලෑන් එකක්.

-කළුකුමාරයා-

February 5, 2009

ඔවා දෙනු පරහට - තමා සම්මතේ පිහිටා සිට

KASPERSKY නම ඇසෙනවාත් සමගම ඔබට මතක් වන්නේ පරිගණක ආරක්ෂක පද්ධතියයි. මෑත ඉතිහාසයේ ඉදිරියෙන්ම සිටීමට මෙම මදුකාංගය සමත්වුනා. අයිය මලෝ දෙදෙනෙකුගේ එකතුවකින් සෑදුනු මෙම නිපැයුම අද වන විට මුලූ ලෝකය පුරාම ප‍්‍රචලිතවී හමාරය. ලොව දැවැන්ත රටක් වන රුසියාවට සහ එහි සිටින විශේ්ෂඥයින්ට මහත් ආඩම්බරයක් එක් කරමින් තම නිජබිමේ පිහිටා තිබෙන එම ආයතනයට ඉකුත් 2 වෙනිදා අමුත්තෙකු අනවසරයෙන් ඇතුලත්විය. එහි තිබූ ග‍්‍රාහකයින්ගේ් විද්යුත් තැපැල් ලිපිනයන් 2500 පමණ සහ Activation codes 25,000 පමණ සොරගෙන ඇතැයිද එම ආයතනයට බලවත් පහරක් සිදුවූ බවට බොහෝ පිරිස් පවසයි. මෙම අමුත්තා පැමිණ තිබෙන්නේ ඔබත් මමත් භාවිතාකරන අන්තර්ජාලය හරහාය. මෙය ප‍්‍රථම අවස්ථාව නොවේ. මීට පෙරද මැලේ්සියාවේ පිහිටි KASPERSKY ආයතනයේ ශාඛාවට තර්ජනයක් එල්ලවිය. කිසිවක් 100% ආරක්ෂා කල නොහැක. කල හැකි ප‍්‍රතිශතයක් ඇත. අනුන්ගේ පරිගණක ජාලයන් ආරක්ෂා කිරීමට ප‍්‍රථම තම සතුදේ ආරක්ෂා කල යුතුය.

-කළුකුමාරයා-

February 2, 2009

ගූගල් ඇඞ්ස්

ගූගල් ආයතනය මගින් තවත් සත්කාරයක් විදියට ගූගල් ඇඞ්ස් හඳුන්වන්න පුලූවන්. බොහොමයක් සයිට්වල මේවා දකින්න පුලූවන්. මුදල් ලැබුන කිහිප දෙනෙකුත් මට හමුවුනා. හැබැයි එ් අය ගොඩක් මහන්සි වුනා කියන කතාවකුත් තියෙනව. වෙබ් පිටුවල ”ඉම්ප්‍රෙෂන්ස්” වැඩි කරගන්න නොයෙකුත් උපක‍්‍රම භාවිතා කරල තියෙනවලූ. එ් අතර පිටරට වල සිටින හිතවතුන්ට ඇනයක් වූ අවස්ථාත් එමටයිලූ. එ් අතර කෙනෙක් කිව්ව එයාගේ ක්ලික්ස් ගණන වැඩි වුන නිසා ගූගල් ආයතනය මගින් ගිණුම අත්හිටවූ බව. නිතරම ”ඉම්ප්‍රෙෂන්” සහ ”ක්ලික්ස්” අතර අනුපාතය 0-10 % අතර තබාගන්න. මේක ඉතින් කිව්වට බෑ. වැඩි තන්හාව නිසා වැඩි පුර එබෙන වාර ගණනත් ඇති. කොහොම වුනත් හොඳ ප‍්‍රතිලාභයක් ලැබීමට නම් ගොඩක් කල් බලා ඉන්න සිද්ධවෙයි.

-කළුකුමාරයා-

February 1, 2009

ආරම්භය

මටත් හිතුන පොඩියට බ්ලොග් එකක් පටන් ගන්න. මේක ආරම්භයක් කරගෙන ඉදිරියට සමාජයට වැඩ දායක මෙහෙවරක් කරන්න හැකි වේයැයි සිතනවා. විශේෂයෙන් අයුක්තියට, අසාධාරණයට දුටු තැන පහරදීමට නම් මැලි නොවෙමි. බලමු ඉදිරියට කොහොම වේවිද කියල.

-කළුකුමාරයා-