KASPERSKY නම ඇසෙනවාත් සමගම ඔබට මතක් වන්නේ පරිගණක ආරක්ෂක පද්ධතියයි. මෑත ඉතිහාසයේ ඉදිරියෙන්ම සිටීමට මෙම මදුකාංගය සමත්වුනා. අයිය මලෝ දෙදෙනෙකුගේ එකතුවකින් සෑදුනු මෙම නිපැයුම අද වන විට මුලූ ලෝකය පුරාම ප‍්‍රචලිතවී හමාරය. ලොව දැවැන්ත රටක් වන රුසියාවට සහ එහි සිටින විශේ්ෂඥයින්ට මහත් ආඩම්බරයක් එක් කරමින් තම නිජබිමේ පිහිටා තිබෙන එම ආයතනයට ඉකුත් 2 වෙනිදා අමුත්තෙකු අනවසරයෙන් ඇතුලත්විය. එහි තිබූ ග‍්‍රාහකයින්ගේ් විද්යුත් තැපැල් ලිපිනයන් 2500 පමණ සහ Activation codes 25,000 පමණ සොරගෙන ඇතැයිද එම ආයතනයට බලවත් පහරක් සිදුවූ බවට බොහෝ පිරිස් පවසයි. මෙම අමුත්තා පැමිණ තිබෙන්නේ ඔබත් මමත් භාවිතාකරන අන්තර්ජාලය හරහාය. මෙය ප‍්‍රථම අවස්ථාව නොවේ. මීට පෙරද මැලේ්සියාවේ පිහිටි KASPERSKY ආයතනයේ ශාඛාවට තර්ජනයක් එල්ලවිය. කිසිවක් 100% ආරක්ෂා කල නොහැක. කල හැකි ප‍්‍රතිශතයක් ඇත. අනුන්ගේ පරිගණක ජාලයන් ආරක්ෂා කිරීමට ප‍්‍රථම තම සතුදේ ආරක්ෂා කල යුතුය.
-කළුකුමාරයා-
-කළුකුමාරයා-
No comments:
Post a Comment