ගූගල් ආයතනය මගින් තවත් සත්කාරයක් විදියට ගූගල් ඇඞ්ස් හඳුන්වන්න පුලූවන්. බොහොමයක් සයිට්වල මේවා දකින්න පුලූවන්. මුදල් ලැබුන කිහිප දෙනෙකුත් මට හමුවුනා. හැබැයි එ් අය ගොඩක් මහන්සි වුනා කියන කතාවකුත් තියෙනව. වෙබ් පිටුවල ”ඉම්ප්‍රෙෂන්ස්” වැඩි කරගන්න නොයෙකුත් උපක‍්‍රම භාවිතා කරල තියෙනවලූ. එ් අතර පිටරට වල සිටින හිතවතුන්ට ඇනයක් වූ අවස්ථාත් එමටයිලූ. එ් අතර කෙනෙක් කිව්ව එයාගේ ක්ලික්ස් ගණන වැඩි වුන නිසා ගූගල් ආයතනය මගින් ගිණුම අත්හිටවූ බව. නිතරම ”ඉම්ප්‍රෙෂන්” සහ ”ක්ලික්ස්” අතර අනුපාතය 0-10 % අතර තබාගන්න. මේක ඉතින් කිව්වට බෑ. වැඩි තන්හාව නිසා වැඩි පුර එබෙන වාර ගණනත් ඇති. කොහොම වුනත් හොඳ ප‍්‍රතිලාභයක් ලැබීමට නම් ගොඩක් කල් බලා ඉන්න සිද්ධවෙයි.
-කළුකුමාරයා-
February 2, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment